විදුහල්පති පණිවිඩය
S.A.K.S.පද්මිණි මිය
දුෂ්කරතා මධ්‍යයේ වුවද උගත් බුද්ධිමත් හැකියාවෙන් හා කුසලතා වලින් සන්නද්ධ සදාචාර සම්පන්න සිසු කැලක් බිහි කිරීම සඳහා අප පාසලේ සිදුකරන මෙහෙය අතිවිශාලය. දියුණුව කරා ගමන් කරන වත්මන් අධ්‍යාපන ක්‍රමය සාර්ථක කරගැනීමට තාක්ෂණික අංශයෙන් සිදු කරනු ලබන මෙම කර්තව්‍යය පහසුවෙන් දියුණුවට මඟ පාදන්නකි. සන්නිවේදනය පලදායි අයුරින් භාවිතා කිරීමට හා තොරතුරු හුවමාරුවට පාසලේ ක්‍රියාත්මක කෙරෙන මෙම වෙබ් අඩවි පාසලේ උන්නතියට දායක වනු ඇත. එම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට උරදුන් සියලුම පාර්ශවයන්ට හද පිරි ස්තුතිය පුද කර සිටිමි.
S.A.K.S.පද්මිණි මිය
විදුහල්පතිනිය
මො/ ධර්මවිජය මහා විද්‍යාලය.





